Saturday, December 11, 2010

- මරණ භය, දහම සහ මවු සෙනෙහස -



බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ සුවාමිනි මා ගෙල ලන්නට ඉඩනම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග වුන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා
නැතිදා ළග වුන් බුදු අම්මෙ නුබ දුක් ගිනි ගන්න එපා

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

නොදැන කෙරූ වත් වරද වරදමයි නැත කිසිදිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිප සමුගනිමි මෙමා
කෙලිලොල් කම් කෙලි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් අසුරින් පර පණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ



ජිවිතේ අපිට දැනෙන ලොකුම භය තමයි, මරණ භය.....
ජිවිතේ අපි ලබන උතුම්ම සෙනෙහස තමයි, මවු සෙනෙහස....
"දුදනන් අසුරින් පර පණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ
"
අහල බලන්න.

නොවෙනස්වන කතාව!




නැති බැරි මොහොතක පිහිටට එන්නේ//
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ළගට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

කල්ප ගණනකින් අප නොදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වු දා
රැකවරණයි ඔබගේ සෙවණැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට එන්නේ/

අපේ නමට ඇස් කඳුලු උනන්නේ
ඔබට පමණි මේ ක්ෂිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් මිය රැස් ගගුලැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට එන්නේ/

සින්දුව අහන්න http://www.youtube.com/watch?v=Jjxad54bpfg

මම ආසම සින්දුව තමයි මේක.
මේ සින්දුව හදවතින්ම අහන ඕනිම වෙලාවක ඇහැට කඳුලක් එන එක නවත්තගන්න බෑ.
එකම එක පද පේලියක් වත් බොරු නෙවෙයි. සදාතනික
ත්ත..