දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙල ලන්නට ඉඩනම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග වුන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා
නැතිදා ළග වුන් බුදු අම්මෙ නුබ දුක් ගිනි ගන්න එපා
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන කෙරූ වත් වරද වරදමයි නැත කිසිදිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිප සමුගනිමි මෙමා
කෙලිලොල් කම් කෙලි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් අසුරින් පර පණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ
ජිවිතේ අපිට දැනෙන ලොකුම භය තමයි, මරණ භය.....
ජිවිතේ අපි ලබන උතුම්ම සෙනෙහස තමයි, මවු සෙනෙහස....
ජිවිතේ අපි ලබන උතුම්ම සෙනෙහස තමයි, මවු සෙනෙහස....
"දුදනන් අසුරින් පර පණ නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ"
අහල බලන්න.
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ"
අහල බලන්න.